ජලනි සම්බුදු සසුනට කළ මෙහෙය ඇගයේ…! “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී” ගෞරව නාමයෙන් පිදේ…!

June 16, 2023 at 3:06 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසට “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී” ගෞරව සම්මානය ප්‍රදානය කිරීමට තෛනිකායික මහා සංඝ රත්නය තීරණය කොට ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී සම්බුද්ධ ශාසනය උදෙසා කළ මෙහෙවර වෙනුවෙන් මෙම ගෞරවය සම්මානය ප්‍රදානය කෙරේ. දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී හෙට (17) අදාළ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතය.

මේ අතර ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමන් චමුදිත සමරවික්‍රම සමග පැවැත් වූ මාධ්‍ය සාකච්ඡා දෙකක දී ජලනි ප්‍රේමදාස බෝන් එගේන් නම් අන්තවාදී ආගමක් වැළඳ ගෙන ඇති බවට චෝදනා කළ ද මෙතෙක් එම චෝදනා ප්‍රතික්ෂේප කොට නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *