ජනාධිපති හෝ අගමැතිකම හෝ භාරගන්න සූදානම්…! – පාඨලී…

May 10, 2022 at 9:34 am | by emanisa.lk

මේ රටේ බහුතර පක්ෂ විපක්ෂ කණ්ඩායම්වල සහාය ලැබේ නම් තමා ජනාධිපති ධූරය හෝ අගමැති ධූරය හෝ භාර ගැනීමට සූදානම් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එලෙස රටට නායකත්වය දෙමින් මේ අර්බුදයෙන් ගොඩයාමට දරන උත්සාහය ආගමික නායකයින් මෙන් ම අරගලකරුවන් ද අධීක්ෂණය කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

මේ අවස්ථාවේ මැතිවරණයතට යාමේ ඉඩක් ව්‍යවස්ථාව තුළ නොමැති බවත් අවශ්‍ය නම් අගමැතිවරයෙකු පමණක් නොව ජනාධිපතිවරයෙකු ද පාර්ලිමේන්තුව මගින් පත්කර ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේ දෙරණ 370 වැඩසටහනට එකතු වෙමිනි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස