රජයේ ඉහළම ලේකම් තනතුරක් දරන්නෙකුට එරෙහිව පසුගිය කාලසීමාවේ දිගින් දිගටම ලැබුණු පැමිණිලි හේතුවෙන් ඔහු එම තනතුරින් ඉවත් කිරීමට තීන්දු කොට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
පසුගිය සතියේ ආණ්ඩුවේ ප්‍රධානීන් අතර පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බවත් ඒ අනුව නව ලේකම් තනතුර සඳහා තවත් ඉහළ තනතුරක් දරන්නෙකු යෝජනා වී ඇති අතර එම තීන්දුව දැනටමත් එම පුද්ගලයාට දැනුම් දීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
වසරක කාලයක් සඳහා එම තනතුර බාර දීමට ද එම සාකච්ජාවේදී තීන්දු වී ඇත. අදාළ ලේකම්වරයා පිළිබඳ මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරුන්ගෙන්ද විවිධ පැමිණිලි ලැබී ඇති අතර ඉන් කිහිපදෙනෙකු ප්‍රසිද්ධියේ ද එම ලේකම්වරයා විවේචනය කර තිබිණි.
ආණ්ඩුව නිර්මාණය කිරීමට ප්‍රබල දායකත්වයක් දැක්වූ මහා සංඝරත්නය ඇතුළු පිරිස පෙන්වා දෙන්නේ අදාළ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය නිසා ආණ්ඩුව ගැන ජනතාවට අප්‍රසාදයක් ඇති වී ඇති බවත් ආණ්ඩුවේ වැඩකටයුතු කර ගෙන යාමට පවා විවිධ බාධා මතුවී ඇති බවත්ය.
එනිසා අදාල ලේකම්වරයා වහාම ඉවත් කර ඒ සඳහා සුදුසු අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකු පත් කරන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් රජයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
lankaleadnews