ජනාධිපති කී දේවල් නොකළ නිසා හමුදාපති ඉවත් කළා…!

May 29, 2022 at 2:37 pm | by emanisa.lk

අගමැති හෝ ඇමැති මණ්ඩලය මාරු කොට අර්බුදය විසඳිය නොහැකි බව රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

සමගි ජන බලවේග මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ, කළ යුත්තේ ජනතා හඬට කන් දී ජනාධිපතිවරයා ඉවත් වීම බවයි.

මේ වන විට නීතිය පොලිසිය ගණන් නොගන්නා තැනට ඉහළ පොලිස් නිලධාරීන්ට මහ මග පහර දෙන තැනට ජනතාව පත්ව ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් හමුදාපතිවරයා ඉවත් කළේ ඔහු ජනාධිපතිවරයාගේ උපදෙස් පිළිනොපැදීම නිසා බවට ද රංජිත් මද්දුමබණ්ඩාර චෝදනා කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ දී අද (29) මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *