ජනපති ඝාතන කුමන්ත්‍රණයක්…! දේශපාලන පක්ෂයකට චෝදනා..! CID පරීක්ෂණ ඇරඹෙයි..!

February 28, 2023 at 11:17 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

විදෙස් රටක දී එම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡා සිදුව ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙරට දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් ඊට සම්බන්ධ බවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි පවසන්නේ.

සති දෙකක් ඇතුළත ජනාධිපතිවරයා ඝාතනය කිරීම එම පිරිසේ අපේක්ෂාව වී ඇතැයිද ලැබී ඇති තොරතුරු මත පදනම්ව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද එම ආරංචි වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *