ජනපති ගමන් කළ ගුවන් යානය කඩා වැටුණේ යැයි ෆේස්බුක්හි බොරු පළකළ සිසුවාට ඇප!

May 24, 2019 at 3:21 pm | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 13 වෙනි දින චීනය බලා ගමන් කළ ගුවන් යානය අනතුරට ලක්වී ඇති බව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

අදාළ සිසුවා අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝග ලබා දි ඇත.

අදාළ සිසුවා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග දි ඇත්තේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ජුනි 27වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරික්ෂණයකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු පසුගිය 15 වෙනි දින අත්අඩංගුවට ගනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *