ජනපති කොමිසමට අපහාස කළ සමගි බලේ පහකට නඩු!

November 10, 2020 at 10:04 am | by emanisa.lk

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, මයන්ත දිසානායක සහ සුජිත් සංජය පෙරේරාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.

ජනාධිපති කොමිසම විසින් ලබා දුන් නියෝගයකට අනුව අදාළ මන්ත්‍රීවරුන් 05 දෙනා ඊයේ (9) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටියහ.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති කොමිසමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ කර තිබෙන නිසා ඔවුන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කර තිබෙන බවත් ඊට අදාළ කොමිසමේ සහතිකය අභියාචනාධිකරණය වෙත යොමු කරන බවත් සභාපති විනිසුරු උපාලි අබේරත්න ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස