ජනපති අගමැතිත් පාස්කු කාරක සභාව හමුවට!

June 24, 2019 at 12:23 pm | by emanisa.lk

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර තිබේ.

තවද ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර ද ඉදිරියේදී සාක්කි ලබා ගැනීම සඳහා කැඳවීමට තීන්දු කර ඇත.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැඳවීමේ බලයක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඇති බව එම කාරක සභාවේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස