ජනතා සහන විප්ලවයක් ආරම්භ කරනවා..! – ජනපති..

March 10, 2024 at 6:49 pm | by emanisa.lk

ජනතාවට සහන ලබා දීමේ විප්ලවයක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බින්දුවට වැටුණු රට ගොඩ නැගීමට සහය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවෙිගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පාක්ෂික ජනතාවට ස්තුති කරන බව කී ජනාධිපතිවරයා තමා කිසි විටෙක පටු දේශපාලනයට හිර නොවන බව අවධාරණය කළේය.

“සැබෑව” යන තේමාවෙන් සංවිධාන කෙරුණු මැතිවරණ සටන ඇරැඹීමේ මෙම ප්‍රථම මහජන රැළිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේ දී අද (10) අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *