ජනතාවට මද අස්වැසිල්ලක්..! උද්ධමනය 3%කින් පහළට…!

November 21, 2022 at 7:39 pm | by emanisa.lk

2022 ඔක්තෝබර් මස මෙරට “ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය” (Headline Inflation) 70.6%ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සැප්තැම්බර් මාසයේ එම අගය 73.7%ක් වූ අතර ඒ අනුව ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනයේ 3.1% අඩුවීමක් පෙන්නුම් කෙරේ.

ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී 85.8% ක් වන අතර ඔක්තෝම්බර් මාසයේදී එම අගය 80.9% දක්වා අඩු වී තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සැප්තැම්බර් මාසයේ 62.8%ක් වූ අතර ඔක්තෝම්බර් මාසයේදී එම අගය 61.3% දක්වා අඩු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *