ජනතාවට පාන් කියාගන්න බැරි වෙයි..! කේක් අලෙවිය 75%කින් පහළට…!

December 29, 2023 at 9:52 am | by emanisa.lk

මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බවත් නත්තල් උත්සවයේදී කේක් අළෙවිය සියයට 75 කින් පමණ අඩුවී ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

ජනතාව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වීම නිසා නත්තල් සමයේ පසුගිය වසරවලට සාපේක්‍ෂව කේක් අළෙවිය සියයට 25 ක් දක්වා අඩු වූ බව කී එන්. කේ. ජයවර්ධන, බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමේ දැඩි අපහසුතාව පැවැති බව ද සඳහන් කළේය.

ආනයනික බිත්තර බේකරිහිමියන්ට නොලැබූ බව කී හෙතෙම ඒ හේතුවෙන් දේශීය බිත්තරයක් රුපියල් 55 කට මිලදී ගෙන කේක් අඩු මිලට අළෙවි කිරීමේ අපහසුතාවක් පවතින බව ද වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *