ඡන්දේ ළඟ දී තියන හැඩක් නෑ…! ඡන්දේ තබන තුරු අපේක්ෂකයින්ට වැටුප්..!

March 10, 2023 at 2:46 pm | by emanisa.lk

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ගෙවීමට මැතිවරණ කොමිසම තීන්දු කර තිබේ.

ඒ අනුව මාර්තු මස 09 වනදා සිට එම ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ අදාළ නිලධරයාගේ මූලික වැටුප පමණක් ගෙවීම සිදුසු බව තීරණය කර රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වෙත ද දැනුම් දී ඇත.

එම නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස අදාළ ලිපියෙන් පරිපාලන ලේකම්වරයා වෙත වැඩිදුරටත් දැනුම්දී ඇත. රාජ්‍ය සේවකයින් 3000ක් පමණ විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මගින් නාම යෝජනා භාර දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *