මේ රටේ පැවැති සියලු ආණ්ඩු ඡන්ද කල් දැමූ බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් අමරසූරිය පවසයි.
වර්තමාන ආණ්ඩුව ඡන්ද කල් දමන්නේ දැයි දැන්ම කිව නොහැකි බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මේ රටේ ආණ්ඩුවලට කෙළවුණේ ඡන්ද තැබීම නිසා බවත් 2017 රනිල් මෛත්‍රී දෙකට බෙදී ඡන්ද තැබීම නිසා පොහොට්ටුව උඩ ගිය බවත් හෙතෙම සඳහන් කරයි.
ප්‍රාදේශීය සභා ඡන්දයක් තබා රටක් හැදිය නොහැකි බවත් පළමුව ජනතාව මුහුණ දී ඇති ගැටලු නිරාකරණයට කටයුතු කිරීම වගකීම බවත් චාමර සම්පත් අමරසූරිය වැඩි දුරටත් කීය.