චීන සහ ඉන්දීය ණය කපන්නැයි ඉල්ලයි..! නැත්නම් ලංකාවට IMF ණය නෑ…!

January 12, 2023 at 11:58 am | by emanisa.lk

ණය කපා හැරීමට කඩිනමින් එකඟ වන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ගය ගැනීම සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව වන අතර එමගින් සියලු දෙනාට යහපතක් වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

BBC මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ බව ප්‍රකාශ කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *