චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරකය නිරත වීමට නියමිත ය.
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන තෙවන චීන රාජතාන්ත්‍රිකයා ඔහු ය.
පසුගිය වසරේ චීන කොමියුනිස්ට් පක්ෂ කාරක සභා සාමාජික, විදේශ කටයුතු කොමිසමේ අධ්‍යක්ෂ යැං ජිච් ද ශ්‍රී ලංකා සංචාරයක නිරත විය.
චීන ආරක්ෂක ඇමැති වී ෆෙන්ග් පසුගිය සතියේ ලංකාවට පැමිණි අතර එහි දී ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කරගැනීමට දෙරට එකඟ වී තිබේ.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු චීන විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකා සංචාරයක නිරත වන දෙවන අවස්ථාව වන අතර කලාපීය සංචාරයක කොටසක් ලෙස ඔහු මෙරටට ළඟා වනු ඇත.