චිචීගේ ඩොලර් 400ක් හොරකම් කරලා…! පොලිස් විමර්ශන ඇරඹෙයි…!

March 10, 2023 at 9:31 am | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් ඩොලර් 397 ක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට ඊයේ (9) දැනුම් දුන්නේය.

කොළඹ සිට මාතර නිවසට පිටව ගිය අතරතුර දී තමාගේ ක්‍රෙඩිට් කාඩ්පත වැටී ඇති බවත් සඳහන් කරමින් රෝහිත රාජපක්ෂ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.්‍

කිසියම් පුද්ගලයකු තමාගේ ක්‍රෙඩිට් කාඩ්පත උපයෝගී කරගෙන ඔන්ලයින් ක්‍රමය යටතේ ඉකුත් මාර්තු 05 වැනි දින පෙරවරු 10.07 ට ඩොලර් 167 ක්ද, මාර්තු 6 වැනි දින දහවල් 12.21 ට ඩොලර් 67 ක්ද, එදිනම පස්වරු 2.01 ට ඩොලර් 99 ක්ද ලබාගෙන ඇතැයිද ඉකුත් මාර්තු 7 වැනි දින පෙරවරු 10.58 ට ජාවත්ත ප්‍රදේශයේ අවන් හලකින් ඩොලර් 54 ක් වියදම් කර තිබූ බවත් ඉන්පසුව තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත අවලංගු කර ඇති බවත් සඳහන් කරමින් රෝහිත රාජපක්ෂ එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත උපයෝගී කරගෙන ලබාගෙන ඇති මුදල්වල වටිනාකම මෙරට මුදලන් රුපියල් 105000 ක් වන බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශනය කර තමාගෙන් ලබාගත් මුදල් නැවත ලබාදෙන ලෙසට ඉල්ලමින් ප්‍රකාශයක්ද ලබාදෙමින් රෝහිත රාජපක්ෂ නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *