චමෝදිට දුන් එන්නත භාවිතයෙන් ඉවතට…!

July 16, 2023 at 2:52 pm | by emanisa.lk

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මිය යෑමට හේතු වූ එන්නත් කාණ්ඩය තාවකාලිව භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

මහනුවර පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි චමෝදි සන්දීපනී ජයරත්න උදරාබාධයක් හේතුවෙන් පසුගිය 11 වැනිදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු අතර පසුව එන්නත් දෙකක් ලබාදීමෙන් පසු ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණි.

ඇයගේ පවුලේ ඥාතින් චෝදනා කළේ, තම දියණිය එන්නත් ලබාදීමෙන් පසු එකවර අසාධ්‍ය තත්ත්වයට පත්ව ජීවිතයට සමුදුන් බවය.

සිද්ධියට පසුදින ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා, අසාත්මිකතාවක් හේතුවෙන් ඇය මියගිය බව ප්‍රකාශ කළ අතර මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *