චමින්ද ඉල්ලා අස්වුණේ ලක්ෂ 900කට…! අලුත් මන්ත්‍රී නයන ද්විත්ව පුරවැසියෙක්…!

January 10, 2024 at 3:18 pm | by emanisa.lk

බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වීම පිටුපස ලක්ෂ 900ක ගනුදෙනුවක් ඇතැයි වාර්තා වී ඇතැයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එසේ ම චමින්ද විජේසිරි මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ පසු එම පුරප්පාඩුව සඳහා පත්වන්නේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙමින් 225 දෙනාට පාරේ බැස යා නොහැකි තත්ත්වයක් ඇතැයි පාර්ලිමේන්තුව හෑල්ලු කළ ද එවැනි තත්ත්වයක් නොමැති බව ද මහින්දානන්ද අලුත්ගමගේ කීය.

අද (10) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *