චන්ද්‍රිකා-මෛත්‍රී එකතුවෙන් නව සන්ධානයක්…! අගමැති දිනේෂ්ගේ පක්ෂයත් එක්වෙයි…!

January 27, 2024 at 12:02 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යෝජනා කර ඇත‍.

මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සන්ධානයේ හිටපු පක්ෂ කිහිපයක් එකතු වීමට කැමැත්ත පළ කර ඇති බව ද වාර්තාවේ.

නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානය ද ඉදිරියේ දී මෙම සන්ධානයට එක්වනු ඇති බවයි, වාර්තා වන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *