ගෝඨා නොකමින් පෝස්ටර් අලවයි! ගෝඨාගෙන් සංවිධායකවරුන්ට දොස්!

October 6, 2019 at 12:59 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝ්‍යාභය රාජපක්ෂගේ රුව සහිත පෝස්ටර් ඇලවීම පිළිබඳ ඔහු සිය අප්‍රසාදය පළකර ඇතැයි වාර්තා වෙයි.

එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වූ දිනයේම එළඹෙන ජනාධිපතිවරණය සඳහා පෝස්⁣ටර් පොලිතීන් භාවිත නොකර පරිසර හිතකාමී ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

එහෙත් එම ඉල්ලීමට අනුගත නොවී ඇතැම් ප්‍රදේශවල සංවිධායකයන් විසින් සිය රුව සහිත පෝස්ටර් ඇලවීම පිළිබඳ හෙතෙම සිය නොසතුට පළකර තිබේ.

මෙයට පෙරද ගෝඨාභය රාජපක්ෂ සිය රුව සහිත විශාල කටවුට් ප්‍රමාණයක් ගලවා ඉවත් කිරීමට දන්වා තිබිණි.

ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති අපේක්ෂකයකු විසින් යෝජනා කළ මෙම පියවර සෙසු අපේක්ෂකයන්ද ආදර්ශයට ගත යුතු සේම අනාගතයේ පරිසරය රැක ගැනීම සහ එහි අලංකාරය සඳහා නීතියක් බවට පත්විය යුතු පියවරකි.

එහෙත් එම සාධනීය පියවර ඇතැම් පක්ෂ සංවිධායකවරුන් උල්ලංඝනය කිරීම කනගාටුදායක තත්ත්වයකි. ඉදිරි කාලයේ හෝ එය පිළිපැදීමට ඔවුන් අධිෂ්ඨාන කරගත යුතුය.

කෙසේ වුවද හෙට සිට පෝස්ටර් දැන්වීම් කටවුට් ප්‍රදර්ශනය සම්පූර්ණයෙන් තහනම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස