ගෝඨා නෙමේ, මහින්ද තමා එන්න ඕන! – වෙල්ගම විමල්ට පිළිතුරු දෙයි…

March 4, 2019 at 11:57 am | by admin

එළඹෙන ජනාධිතිවරණයට ඉදිරිපත් විය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. ඔහු මේ බව නැවත ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිය ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව ප්‍රකාශ කරන බව මාධ්‍යවේදීන් පැවසූ විටය.

විමල් වීරවංශ පොදුජන පෙරමුණේ සාමාජිකයකු නොවන බවත් එහෙයින් ඔහුට තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති බවත් පෙන්වා දෙන මන්ත්‍රීිවරයා සඳහන් කරන්නේ එළඹෙන ජනාධිපතිවණය සඳහා නියත වශයෙන් ම මහින්ද රාජපක්ෂ ඉදිරිපත් විය යුතු බවය.

කෙසේ වුවද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂට නැවත ජනාධිපතිවරණය සඳහා තරඟ කළ නොහැකි අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමන් වෙත මහින්ද රාජපක්ෂගේ නාම යෝජනාව ලැබුණහොත් පිළිගන්නා බව ප්‍රකාශ කළ ද එය බෙහෙවින් අවධානම් කටයුත්තක් බව විද්වත් මතයයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *