ගෝඨා නැවත ලංකාවට සාදරයෙන් පිළිගන්නවා…! – සාගර…

August 1, 2022 at 4:44 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණ දේශපාලනයේ නිරත වීමට අපේක්ෂා කරන්නේ නම් ඔහු සාදරයෙන් පිළි ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

“එතුමාට එන්න අවශ්‍ය වෙලාවට ලංකාවට එන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. එතුමා ශ්‍රී ලාංකික පුරවැසියෙක්.

ශ්‍රී ලංකා රජයට සම්පූර්ණ වගකීමක් තියෙනවා පුරවැසියෙක් හැටියට සහ හිටපු ජනාධිපතිවරයෙක් හැටියට එතුමාට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් සහ ආරක්ෂාව සලසන්න.

ඉතිං මං හිතන්නේ නෑ, එතුමා ලංකාවට පැමිණීම කියන එක විශේෂ සිදුවීමක් හැටියට සලකන්න ඕන දෙයක් හැටියට.”

එම පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කොළඹ අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ තව දුරටත් කටයුතු කරන බව ද සාගර කාරියවසම් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *