ගෝඨාභය ගෙදර යවන තැනට වැඩේ කළේ පාදෙණිය සහ රතන හිමි..!

November 16, 2022 at 10:55 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්ව මේ රටේ යහපතට විශේෂ වැඩ කොටසක් කළ බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

මහා මාර්ග කි.මී. ලක්ෂයක් සැකසීම, වැව් 14 000ක් සැකසීම සැලසුම් කිරීම, අධ්‍යාපන සුදුසුකම් නැති 35000කට පමණ සහ උපාධිධාරීන් 50000කට රැකියා ලබා දීම රු.34ක් වූ වී මිල රු. 52කට නැංවීම සහ කොවිඩ් වසංගතයට සාර්ථක ලෙස මුහුණ දීම ඒ අතර වන බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

එහෙත් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට ගත් තීණ්දුව නිසා රට කඩා වැටී ඔහුට ජනාධිපති ධූරය අහිමි වීමට ද හේතු වූ බව එස්.එම්. චන්ද්‍රසේන සඳහන් කළේය.

ඒ සඳහා ජනාධිපතිවරයා යොමු කළේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ ස්වාමීන් වහන්සේලා පිරිසක් බවත් පාර්ලිමේන්තුවට පැමිණ රසායනික පොහොර භාවිතයෙහි ආදීනව ප්‍රකාශ කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *