ගෝඨාගේ කාලෙට වඩා අද ආර්ථිකේ කඩා වැටිලා…! අයවැය හිඟය විතරක් 60%කින් වැඩි වෙලා..! – අනුර…

August 1, 2023 at 6:15 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ යුගයට වඩා රනිල් වික්‍රමසිංහ යුගයේ ආර්ථිකය කඩා වැටී ඇතැයි ජාතික ජනබලවේග නායක අනුර දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ආණ්ඩුවේ වාර්තා අනුව 2022 වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය -0.5%ක් වුව ද මේ වසරේ එය -11.5%ක් දක්වා පහත වැටී ඇති බවයි.

තෙල් විදුලිය ගෑස් නොමැති 2022 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය -0.5ක් වුව ද ඒ සියල්ල ඇති 2023 වසරේ ආර්ථික වර්ධනය වේගය -11.5%ක් පහත වැටුණ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩ යැයි ප්‍රකාශ කරන බවයි, අනුර දිසානායක ප්‍රකාශ කළේ.

“2022 මුල් කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 524යි. මේ අවුරුද්දේ මුල් කාර්තුවේ අයවැය හිඟය රු. බිලියන 824යි. අයවැය හිඟය 60%කින් වැඩි වෙලා.

ගිය අවුරුද්දේ පළමු කාර්තුවේ අපනයන ආදායමට වඩා මේ අවුරුද්දේ මුල් කාර්තුවේ අපනයන ආදායම 10%කින් අඩුයි.

ගිය අවුරුද්දේ පළමු කාර්තුවට වඩා මේ අවුරුද්දේ මුල් කාර්තුවේ කර්මාන්ත 23%කින් කඩා වැටිලා. රනිල් කියනවා ආර්ථිකේ නැගල යනවා කියලා.”

ජාතික ජන බලවේග ආසන බල මණ්ඩල හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *