ගෑස් මිල තව දුරටත් පහළ හෙළන බව ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරයි.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) දිනයේ සිට රුපියල් 3000ට වඩා අඩු මට්ටමකට පත්වනු ඇති බවද හෙතෙම පැවසීය.
වෙළඳපොළේ මේ වන විට 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,186ක් වන අතර ඒ අනුව හෙට දිනයේ ගෑස් මිල ආර්ථික අර්බුදයට පෙර පැවැති දෙදහසේ මට්ටමට නැවත පැමිණෙනු ඇත.