ගැමුණු එළාරට ගරු කළා වගේ අපි කොටි ස්මාරකවලට ගරු කළ යුතුයි…! මංගල…

January 10, 2021 at 8:42 am | by emanisa.lk

උතුරේ මියගිය පුද්ගලයන් සැමරීමට ආණ්ඩුව බාධා කරන්නේ අතීතයෙන් පාඩම් නූගත් නිසා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

මේ බව සඳහන් කරමින් ඔහු සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් ලීඩර් වෙබ් අඩවිය සිංහලයට නඟා ඇත්තේ මෙසේ ය.

”පශ්චාත් ස්වාධීන යුගයේ අපගේ නායකයින්ගේ අදුරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් බොහෝ දෙමළ තරුණයින් උතුරු බෙදුම්වාදී ත්‍රස්තවාදයේ තුරුලට තල්ලු වීම තුලින් දශක තුනකට ආසන්න කාලයක් රට පුරා සිටින සියල්ලන් හට විඳදරාගැනීමට සිදු වූ බිහිසුණු මතකයන් තවමත් අප සිත් තුල රැව් දෙන අතර දෙමළ හා මුස්ලිම් තරුණයින් අතර අලුත් අන්තවාදී පරපුරක් බිහි කිරීමට රජය නැවතත් අධිෂ්ඨාන කරගෙන සිටියි.

බහුතරවාදී ආගම්වාදයට හිස නමා ආගමික විශ්වාසයන් උල්ලංඝණය කරමින් මුස්ලිම් ප්‍රජාව හට පවසා ඇත්තේ මිය යන පුද්ගලයින් භූමදානය කළ නොහැකි බවත් දමිළ ප්‍රජාව හට පවසා ඇත්තේ නැසීගිය පුද්ගලයින් ඔවුන්ට සිහිපත් කිරීමට නොහැකි බවයි.

මහාවංශයේ දැක්වෙන පරිදි එළාර රජු පරාජය කිරීමෙන් පසු මියගිය පුද්ගලයින් හට ගරු කළ යුතු ආකාරය දුටුගැමුණු රජතුමා පෙන්වූ හැටි අපට අමතක වී තිබේද?

අහෝ ශ්‍රී ලංකාව – වරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බඳු අප කඳුළු ගංගාවක් තුලින් යන්නේ කොයිබටද?

අතීතයේ අපි අතින් සිදුවූ වැරදිවලින් අපි කවදා හෝ ඉගෙන ගනීවිද?”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස