මුදල් කාරක සභා මුල් පුටුවෙන් ටෙලිෆෝනය ඇවිළෙයි…! ආණ්ඩුව හර්ෂ පන්නා මයන්ත සභාපති කරයි…!

February 23, 2023 at 2:48 pm | by emanisa.lk

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට සමගි ජන බලවේග මන්ත්‍රී මයන්ත දිසානායක පත් කර තිබේ.

කෙසේ වුව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අදාළ ධූරය සඳහා පාර්ලිමේන්තුවේ දී යෝජනා කළේ ආචාර්ය හර්ෂ ද සිල්වාය.

මේ අතර හර්ෂ ද සිල්වා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ආණ්ඩුව තමා නෙරපා මයන්ත දිසානායක අදාළ ධූරය සඳහා පත් කළ බවය.

කෝප් කමිටුව සඳහා මයන්ත දිසානාකගේ නම ආණ්ඩුව යෝජනා කළ අතර ඔහුට ඉල්ලා අස්වන ලෙස සජබ නායකත්වය ඉල්ලා සිටිය ද ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *