කොළඹ දිස්ත්‍රික්කයට සමාන භූමියක් ඉන්දියාවට..! පවුල් 3500කට ඉවත් වන්නැයි අවසන් නියෝග…!

August 28, 2023 at 5:42 pm | by emanisa.lk

තිරිකුණාමලය ප්‍රදේශයේ ඉඩම් වර්ග සැතපුම් 624 භූමි ප‍්‍රමාණයක් ඉන්දියාවට ලියා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බව ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ සඳහන් කරයි.

එම භූමි ප‍්‍රමාණය කොළඹ දිස්ත‍්‍රික්කයට සමාන ඉඩම් ප‍්‍රමාණයක් බවත් ඔහු පෙන්වා දෙයි. මේ වන විට තිරිකුණාමලයේ අදාළ ඉඩම්වල පදිංචි වී සිටින ජනතාවට ඉන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බව ද හෙතෙම පවසයි.

එම ප්‍රදේශයේ සිටින පවුල් තුන්දාස් පන්සියයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී සාකච්ඡා වී ඇති බව ද හෙතෙම කියා සිටියි.

මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මෙම හෙළිදරව්ව කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *