කොවිඩ් සමාජගත වෙලා ඉවරයි…! කොවිඩ් පොකුරු කතාව විහිළුවක්….!

September 13, 2021 at 8:03 am | by emanisa.lk

මේ වන විට කොවිඩ් සමාජයේ පැතිරී අවසන් බව වෛරසවේදය පිළිබඳ මහාචාර්ය තිස්ස විතාරණ පවසයි. මේ වන විට රෝගීන් වාර්තා වන්නේ පොකුරුවලින් නොව සමාජයෙන් බව ද මහාචාර්යවරයා අවධාරණය කරයි.

කොවිඩ් වසංගතය තවමත් සමාජගතව නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

මේ වන විට 80%ක් පමණ කොවිඩ් ආසාදිතයින් රෝග ලක්ෂණ නොපෙන්වන අතර ඔවුන් සමාජයේ සැරිසරමින් ඇති බවත් මහාචාර්ය තිස්ස විතාරණ පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *