කොවිඩ් වසංගතයට විසඳුම තියෙන්නේ බැසිල් ළඟ….! ඒක දන්න විපක්ෂය හොඳට ම බයවෙලා…! – ජගත් කුමාර…

July 14, 2021 at 9:23 am | by emanisa.lk

කොවිඩ් වසංගතයට විසඳුමක් දිය හැකි පුද්ගලයා බැසිල් රාජපක්ෂ බවත් ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම නිසා විපක්ෂය බිය වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

බැසිල් රාජපක්ෂ කොවිඩ් වසංගතයට විසඳුම් ලබා දේවි යැයි විපක්ෂය බිය වී සිටින්නේ, ඔවුන්ගේ ජනප්‍රියත්වය නැති වෙන නිසා යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

බැසිල් රාජපක්ෂ වැඩ කර පෙන් වූ නායකයෙක් යැයි ද ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය ආණ්ඩුවට විශාල ශක්තියක් යැයි ද ජගත් කුමාර වැඩි දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *