කොවිඩ් මර්දන එන්නත් සඳහා රු. කෝටි 7600ක්…!

June 11, 2021 at 11:14 am | by emanisa.lk

මෙම වසරට කොවිඩ් මර්දන එන්නත් ආනයනය සඳහා රුපියල් බිලියන 76 ක් හෙවත් රුපියල් කෝටි 7600 ක් අවශ්‍ය වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

යුරෝපය සහ ඇමරිකාව මේ වන විටත් 2022 සහ 2023 වසරවලට ද කොවිඩ් මර්දන එන්නත් ඇනවුම් කරමින් සිටින බවත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා කිහිපයක් දිය යුතු බවට එම රටවල් විශ්වාස කරනවා වියහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්වූ කොවිඩ් මර්දන කමිටුවේ දී ප්‍රසන්න ගුණසේන මේ බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *