කොල්ලෝ පාරට ආවම තමයි සමහරු වීරයෝ වගේ විපක්ෂයේ වාඩි වුණේ…! – මහින්ද දේශප්‍රිය…

September 27, 2023 at 3:55 pm | by emanisa.lk

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තීරණය කරන්නේ ඩාලි පාරේ සිට බත්තරමුල්ල දක්වා ඇති කාර්යාල පහකින් යැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

දේශපාලන පක්ෂ තුළ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

කිසියම් දේශපාලන පක්ෂයක් බලයට පත්ව ප්‍රතිපත්ති ප්‍රකාශනයට සපුරා ප්‍රතිවිරුද්ධ දෙයක් කරන විට එය වැරදි යැයි ආණ්ඩුවේ සිටි කිසිවෙකු එළියට පැමිණ නොකී බවට ද මහින්ද දේශප්‍රිය චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ තරුණයින් ද වතුවල ජනතාව ද ගොවි ජනතාව ද පාරට පැමිණි පසු පිරිසක් ඒ පිළිබඳ කතා කරමින් විපක්ෂයේ වාඩි වූ බවයි.

සිවිල් සමාජ සංවිධාන සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවක දී හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *