කොරෝනා සඳහා ආයුර්වේද ප්‍රතිකාර ඇරඹේ…! නාවින්නෙන් මුල පුරයි…!

January 2, 2021 at 1:17 pm | by emanisa.lk

කොරෝනා ආසාදිත රෝගීන්ට ආයුර්වේද ඖෂධ ලබාදීම එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි පවසයි.

ඒ අනුව නාවින්න ආයුර්වේද රෝහලේ දී මෙම කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙතෙක් කොරෝනා ආසාදිතයන් සියලුම දෙනා බටහිර රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල රඳවා සිටි බැවින් දේශීය හෝ ආයුර්වේද ඖෂධ ලබාදීමේදී ගැටලු රාශියක් මතු වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙසේ රෝගීන්ට ලබා දෙන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ඖෂධ පමණක් බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස