කොටුව පොලිසිය පැය 24ක් යන්නත් කලින් යළි විවෘතයි!

October 21, 2020 at 11:09 am | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීමත් සමග තාවකාලිකව වසා දැමුණු කොළඹ කොටුව පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර තිබේ.‍

විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව අද (21) පෙරවරු 9.00 සිට පොලිස් ස්ථානය යළි විවෘත කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීම හේතුවෙන් ඊයේ (20) පස්වරුවේ කොටුව පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා එහි සෙසු නිලධාරින් නිරෝධායනයට යොමුකිරීමට පියවර ගැනුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *