කොකේන් කමිටුවේ සභාපති නම් කොකේන් ගහන්නේ නෑ!

February 21, 2019 at 10:24 am | by admin

කොකේන් පානය කරන කැබිනට් ඇමතිවරු සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් සිදු කරන ලද චෝදනාව පිළිබඳ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කමිටුවක් පත් කර තිබේ.

එහි සභාපතීත්වය ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල දරන අතර කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න, පාර්මේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ, එජාප විධායක කමිටු සාමාජික නිශ්ශංක නානායක්කාරයි. මෙවැනි කමිටුවක් ඉතිහාසයේ කිසිම දවසක පත් කර නැතැයි වාර්තා වෙයි.

ඒ අනුව අදාල චෝදනාව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා එම වාර්තාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත්කරනු ඇත. එහි සභාපති ඇමති කිරිඇල්ල කොකේන් පාවිච්චි නොකරන බව රංජන් රාමනායක පැවසුව ද සෙසු අය ගැන කිසිවක් කීවේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *