කෙහෙළියට එරෙහි විශ්වාසභංගෙට විපක්ෂයක් නෑ…!

July 21, 2023 at 6:26 pm | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජන බලවේගය අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව කතානායක මහින්ද යාපා අබේවර්ධනට අද (21) බාර දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනකු අත්සන් තබා ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවට මෙම විශ්වාසභංග යෝජනාවෙන් චෝදනා නගා ඇත.

කෙසේ වුව ද විපක්ෂයේ බොහෝ පිරිසක් මෙම යෝජනාව සඳහා අත්සන් නොකිරීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *