කෙතරම් බාධක ආවත් දරුවන් අරන් පාරට බහිනවා…!

October 17, 2022 at 9:23 am | by emanisa.lk

කෙතරම් බාධක පැමිණිය ද රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දරුවන් සමගින් අරගල කිරීම අඛණ්ඩව සිදුකරන බව අරගලයේ නියුතු රෂ්මිණී විහංගා පවසයි.

“09 වනදා මගේ මහත්තයාගේ අතේ දරුවා ඉන්නවා දැක දැක තමයි ඇවිල්ලා පහර දුන්නේ. කවුරු මොනදේ කිව්වත් අපි දරුවෝ අරගෙන පාරට බහිනවා.

පරිප්පුයි බතුයිවත් කන්න දෙන්න විදිහක් නැහැනේ. කිරිපිටි ටිකක් දෙන්න විදිහක් නැහැ. ඒ ප්‍රශ්න හින්දාතමයි, අපි පාරට බැස්සේ. මෙච්චර කල් දරුවෝ අරගෙන අපි පාරට බැස්සේ නැහැනේ. ”

පසුගියදා ගාලු මුවදොර විරෝධතාවක් අතර ගැටුමට මැදිව රෝහල්ගත කළ දරුවාගේ මව ඇයයි. දරුවාට කිසිදු රෝගාබාධ තත්ත්වයක් නොමැති බව වෛද්‍යවරුන් එහි දී තහවුරු කළ ද දින කිහිපයක් ඇය දරුවා තබා ගෙන රෝහලේ සිටියාය. මෙලෙස දරුවන් අනතුරේ හෙළමින් විරෝධතාවලට රැගෙන යෑම වෛද්‍යවරුන් ඇතුළු බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්විය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *