ලංකාවේ බදු ආදායමින් 10%ක් ගෙවන්නේ තම ව්‍යාපාර බව ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.
එසේ ම කැසිනෝ ලංකාවේ කැසිනෝ ව්‍යාපාර කිසිවක් තමන්ට අයිති නැති බව ද හෙතෙම සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ එම ව්‍යාපාර තමන්ට නොව තම සහෝදරයාට අයත් බවයි. ඒ ව්‍යාපාර සඳහා නියමිත පරිදි බදු ගෙවා ඇති බව ද ධම්මික පෙරේරා අවධාරණය කරයි.
හිරු නාළිකාවේ බලය වැඩසටහනට එකතු වෙමිනි.