කැම්පස් යන සිසුන්ට ගිවිසුමක්…! කැඩුවොත් ශිෂ්‍යභාවය අහෝසියි..!

February 21, 2023 at 3:53 pm | by emanisa.lk

විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන සිසු සිසුවියන් ඊට ඇතුළත් කර ගැනීමට පෙර ඔවුන්ගෙන් පොරොන්දුවක් ලබා ගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි

විශ්වවිද්‍යාල දේපළවලට හානි නොකරන බවට හා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කලහකාරී සිද්ධි ඇති කර නොගන්නා බවට සඳහන් පොරොන්දු සහතිකයකට එසේ අස්සන් ලබාගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මෙය සමාජ සම්මුතියක් බව ද එම සම්මුතිය බිඳදමන සිසු සිසුවියන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන එක් සිසුවෙකු සිසුවියක වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 8ක් වැය කරන බව ද ඒ අනුව වසර 4ක අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටව යන සිසුන් වෙනුවෙන් වසර 4ට රුපියල් ලක්ෂ 32ක් වැනි විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇති බව ද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *