කළුතරට ජනතාවගේ ගැලවුම්කරුවා මමයි…! කළුතරට එන්නත් දුන්නේ මම නිසයි…! – රෝහිත…

July 12, 2021 at 9:24 pm | by emanisa.lk

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනක් පහත දැක්වෙයි.

කලුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් තවත් එන්නත් මාත්‍රා 300,000 හෙට (11) සිට.

ඊයෙ දිනය වන විට කලුතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි 366,567 දෙනෙකු එන්නත්කරණය සිදු කර ඇත. එය ප්‍රතිශතයක් ලෙස 53%ක් පමණ වේ. හෙට සිට නව මාත්‍රා 300,000 ක් එන්නත් කර අවසන් කිරීමෙන් පසු එය 70%ක් දක්වා ඉහල යනු ඇත.

අතිගරු ජනාධිපතිතුමන්ගෙන් මා කළ ඉල්ලීමකට අනුව මෙම නව මාත්‍රා තොගය ලැබුණි. එතුමාගේ බලාපොරොත්තු ඉටු කරමින් වේගවත්ව මෙම එන්නත්කරණය කිරීම අපගේ බලාපොරොත්තුවයි. කඩිනමින් රට සාමාන්‍යකරණය කිරීම අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අප රජයේ අරමුණයි.

මෙම නව මාත්‍රා තොගය සති දෙකකට අඩු කාලයක දී එන්නත් කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ඉන්පසු ඉතිරි පුද්ගලයන්ටද එන්නත් ලබාදීමෙන් පසු ඉතා ඉක්මනින් 100% එන්නත්කරණය සිදු කර අවසන් කිරීමට බලාපොරොත්තු වෙමි.

අද (10) කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි කලුතර දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණ ගනු ලැබීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා, කලුතර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල මැතිතුමා, අනූප පැස්කුවෙල් මැතිතුමා, කලුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහාතා, සෞඛ්‍ය අංශ නිලධාරීන්, සියලු ම ප්‍රාදේශීය ලේකම්වරු,ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස