ඕමල්පේ හිමිට එරෙහිව CIDයට පැමිණිලිලක්…! අස්ගිරි නාහිමිගේ අත්සන හොරට ගහලා..!

April 26, 2022 at 6:29 am | by emanisa.lk

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට එරෙහිව රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ අස්ගිරි මහ නායක හිමියන්ගේ අත්සන ව්‍යාජව යෙදූ බවට චෝදනා කරමිනි.

පසුගිය 20 වනදා ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ පක්ෂ නායකවරුන් මහ නාහිමිවරුන් වෙත ලිපියක් යොමු කළේ රටේ පවතින තත්ත්වය විසඳීමට යෝජනා කීපයක් ඉදිරිපත් කරමිනි.

එම ලිපිය සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ගේ අත්සන් තබා නොමැති බවත් උන්වහන්සේගේ අත්සන ව්‍යාජව සකස් කර ඇති බවට පැමිණිලිකරු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස