ඕනෑම රටකට නරක කාලයක් එන්න පුළුවන්! ශ්‍රී ලංකාවත් නරක කාලයක් පසුකළා!

March 18, 2019 at 5:16 pm | by admin

“අපි 2015 දී මැතිවරණයට එද්දි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පොරොන්දු වුණා. ජනතාව අපිව විශ්වාස කළා. අද අපි ඒ ජනතාවට සවන් දියයුතුයි. අපේ පොරොන්දුව ඉටුකල යුතුයි.” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

“ඕනෑම රටකට නරක කාලයක් උදා වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවත් නරක කාලයක් පසුකළා. අපි සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම එකට එකතුවී මේ රටේ සැබෑ නිදහසක්, සැබෑ ආර්ථික නිදහසක් උදාකරලීම වෙනුවෙන් වැඩකල යුතු කාලය දැන් එළඹිලා. දැන් අපි පසුගිය දේ, අපට අහිමිවූ දේ, කිරීමට නොහැකි වූ දේ අමතක කරලා, දැන් අපි රට ගැන සිතිය යුතුයි.” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළකළේ, පසුගිය දින යාපනය යූනියන් පාසලේ නව ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *