ඕනෑම මැතිවරණයක් ජය ගෙන රට ගොඩගන්න පොහොට්ටුව සූදානම්..! – රෝහිත…

November 3, 2022 at 10:56 am | by emanisa.lk

මෙරට දැනට තිබෙන ළාබාලම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ දී පවත්වන ඕනෑම මැතිවරණයට තරග කර ජයගෙන ජනතා අපේක්ෂා දිනවීමට සූදානම් කරන බව හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හයවැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ (02) පක්ෂ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

අපේ පාලන කාලයේදී යම් යම් අඩුපාඩු, වැරදි සිදුවූයේ නම් ඒවා නිවැරදි කරගනිමින් රටේ ආර්ථිකයත්, ජන ජීවිතයත් නඟා සිටුවා, අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ අරමුණින් ග්‍රාමනිලධාරි කොට්ඨාස ආසන හා දිස්ත්‍රික්ක මට්ටමින් පක්ෂය යළි ප්‍රතිසංවිධානය කරනවා” යැයි ද හෙතෙම කීය.

ඉදිරියේ පවත්වන්නේ පළාත් සභා මැතිවරණය ද පාර්ලිමේන්තු මැතිවරණයක් ද ජනාධිපතිවරණයක් ද ඒ ඕනෑම මැතිවරණයකට තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව මුහුණදීමට සූදානම් බවත් සිය අත්වල ලේ ගෑවී නැති බවත් රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *