එන්නත් හැදූ රටවලුත් එන්නත්කරණයෙන් ලංකාවට පරදී…! එන්නත්කරණයේ ශ්‍රී ලංකාව කිරුළු පළඳී…!

July 18, 2021 at 8:33 pm | by emanisa.lk

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වන විට ලොව පුරා රටවල ක්‍රියාත්මක වෙයි.

මේ වන විට එන්නත් ලබා ගැනීම සඳහා රටවල් අතර විශාල තරඟයක් පවතින බොහෝ ධනවත් බලවත් රටවලට පවා එන්නත් ලබා ගැනීමට නොහැකි වී තිබේ.

කෙසේ වුව ද ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් එන්නත්කරණ ව්‍යාපාරය ඉතා ම සාර්ථක ලෙස සිදුකරන රට බවට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ සියලු එන්නත් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

ඊයේ (17) වන විට රටේ ජනගහනයෙන් සිය දෙනෙකු අතරින් වැඩි ම ප්‍රමාණයකට එන්නත් ලබා දුන් රට බවට ලංකාව පත්ව තිබේ. ජපානය සහ චීනයට දෙවන සහ තෙවන ස්ථාන හිමිව තිබේ. ඉන්දියාව 10 වැනි ස්ථානයේ ද පකිස්ථානය 11 වැනි ස්ථානයේ ද සිටින අතර නේපාලයට 13 වන ස්ථානය ද බංගලිදේශයට 18 වැනි ස්ථානය ද හිමිව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *