එජාප පළමු රැලියෙන්ම කචල්…! කථික ලැයිස්තුවෙන් නවීන් කපලා..!

March 11, 2024 at 9:28 am | by emanisa.lk

ඊයේ (10) කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ මහජන රැලියේදී තමන්ට කතාවක් ලබාදෙන බව බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි.

කෙස් වුව ද එහි සංවිධායකයින් අවසානයේදී තමන්ගේ නම කථික ලැයිස්තුවෙන් ඉවත් කර තිබූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා වෙනුවෙන් මෙවැනි තීන්දු තීරණ ගන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවයි, ඒ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

තමන් තවදුරටත් පක්ෂයත් සමග සිටින නමුත් පුද්ගලයින්ගේ ගෞරවයට හානි නොවන ආකාරයෙන් කටයුතු සිදුවිය යුතු බව නවීන් දිසානායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *