එජාපය හොඳට ම බංකොලොත්? සැප්තැම්බර් සිරිකොත සේවක වැටුප් තව ම නෑ

October 9, 2020 at 7:41 am | by emanisa.lk

සැප්තැම්බර් මස තම වැටුප මෙතෙක් ගෙවා නැතැයි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවයේ නියුතු සේවකයන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පැමිණිලි කර තිබේ.

ඒ සම්බන්ධයෙන් තමා දැන නොසිටි බව සේවකයන්ට පවසා ඇති රනිල් වික්‍රමසිංහ වැටුප් වහාම ගෙවන ලෙස පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට දැනුම් දී තිබේ.

වැටුප් ගෙවීමට පමා වූයේ දින කිහිපයක් පමණක් බවත් ඉතා ඉක්මනින් සේවක වැටුප් ගෙවන බවත් සිරිකොත ප්‍රධාන විධායක නිලධාරි ශමල් සෙනරත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස