එජාපය සහ සජබ එකතු කර රටට නායකත්වය දෙන්න සූදානම්…! – රුවන්…

September 4, 2022 at 1:57 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට තමන්ට සුදුසුකම් ඇති බව එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.

“එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන තමයි මම පක්ෂයේ නියෝජ්‍ය නායකයා වෙලා ඉන්නේ. පාක්ෂිකයන්ගේ විශ්වාසයත් රටේ ජනතාවගේ විශ්වාසයත් දිනා ගැනීම තුළ මට පක්ෂයේ නායකයා වෙන්න අවශ්‍ය සුදුසුකම් තියෙනවා.

එදා ඉඳන්ම මගේ ස්ථාවරය වුණේ සමගි ජන බලවේගයේ ඉන්නෙත් අපේම පක්ෂයේ අය කියන කාරණය. ඒ අපේ සහෝදර මන්ත්‍රීවරු. ඒ නිසා මගේ ස්ථාවරය වුණේ මේ කණ්ඩායම් දෙක එකතු විය යුතුයි කියන එකයි. මේ අය යළි මහ ගෙදරට පැමිණිය යුතුයි.

ඒ වගේම දක්ෂ දේශපාලනඥයන් වෙනත් පක්ෂවලත් ඉන්නවා. ඉතින් ඒ අයත් අපිත් එක්ක එකතු වෙන්න සාකච්ඡා කරනවා. ඒ වගේම තරුණ අලුත් මුහුණු පක්ෂයෙන් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ විදියට ඉදිරියට ගියොත් අපිට ජයග්‍රහණය කරා යන ගමන අසීරු වෙන එකක් නෑ කියලා මම හිතනවා. ඒ වගේම මැතිවරණයක් ආසන්න වෙද්දී කණ්ඩායම් ගණනාවක් අපිත් සමග එකතු වෙන්න ඉඩ තියෙනවා.”

Aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *