එජාපය තිරිහන් වෙයි…! මහ ලේකම් රවී…!

October 11, 2022 at 7:18 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත් කිරීමට තීරණය වී ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට පක්ෂයේ මහලේකම් ධුරය දරන පාලිත රංගේ බණ්ඩාරට පක්‍ෂයේ වෙනත් ධුරයක් හිමි වනු ඇති බව වාර්තා වෙයි.

එජාප මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක හා භාණ්ඩාගාරික තනතුරු සඳහා වෙනත් නිලධාරීන් පත් කිරීමට ද සැලසුම් කර ඇත.

දැනට පක්ෂයේ සභාපති ධුරය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වන අතර ජාතික සංවිධායක ධුරය සාගල රත්නායක මහතා විසින් දරුයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *