එක එකාට ඕන විදිහට රට බංකොලොත් නෑ කියන්න බෑ,..! – සජිත්…

June 24, 2024 at 7:50 pm | by emanisa.lk

විභාගයට පෙනී සිටි සිසුන් තමන් සමත් ද අසමත් යන ප්‍රතිඵල නිකුත් කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එසේ ම බංකොලොත් රටක පුද්ගලයෙකුට හෝ කිහිප දෙනෙකුට බංකොලොත්භාවයෙන් මිදුණේ යැයි ප්‍රකාශ කළ නොහැකි බවයි, විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එය ප්‍රකාශ කළ යුත්තේ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ දත්ත පදනම් කරගෙන මූඩිස් වැනි ස්වාධීන ජාත්‍යන්තර සමාගම් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

අද (24)කළුතර ශාන්ත ජෝන් විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *