උපුල් කුමාරප්පෙරුමට ජනපතිගෙන් තනතුරක්…! මාලිමාවේ හිතවතුන් හොඳට ම කැළඹෙයි…!

December 26, 2023 at 6:30 pm | by emanisa.lk

නීතීඥ උපුල් කුමාරප්පෙරුම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට අයඳුම්පත් යොමුකර ජනාධිපති නීතීඥ පදවියක් ලබා ගැනීම පිළිබඳ කනගාටු වන බව ජාතික ජන බලවේගයට හිතවත් සමාජ ක්‍රියාකාරීකයෙකු වන සේපාල් අමරසිංහ පවසයි.

මහජන කැමැත්තකින් තොරව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වූ බව ප්‍රකාශ කරන අයෙකු මෙලෙස එම ජනාධිපතිවරයා අතින් ම පත්වීමක් ලබා ගැනීම අනුමත කළ නොහැකි බව ද හෙතෙම සඳහන් කරයි.

උපුල් කුමාරප්පෙරුමට තමන් කැමති දේශපාලනයක් කළ හැකි වුව ද මෙවැනි කටයුතු නිසා අපරාධකාරයින්ට එරෙහිව මහජන මතයක් නිර්මාණය කර ගැනීමට එය බාධාවක් බව ද සේපාල් අමරසිංහ පෙන්වා දෙයි.

මේ වන විට අනුර දිසානායකගේ සමීපතම මිත්‍රයෙකු වන උපුල් කුමාරප්පෙරුම, ජවිපෙට එකතු වීමට පෙර එක්සත් ජාතික පක්ෂයට හිතවත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කළ අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *